සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 18න් පහළ බේස්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් 28 වැනි දින වැලිඔය සම්පත්නුවර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පෙරවරු 11.00 සිට පැවැත්විණි.
පදවිය අලිවංගුව මහා විද්‍යාලය අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
දෙවැනි අවසන් පූර්ව තරගය ගලේවෙල මහා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් කොලෙජ් අතර පැවැත්වේ.
ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟාවලිය ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.
- 1 වන තරගය
කොලොන්න ජාතික පාසල Vs මාගෙදර මහා විද්‍යාලය - සම්පත්නුවර මහවැලි පිටියේදී සැප්තැම්බර් මස 24 වන දින පෙ.ව.10.30 පැවැත්විණි. - 2 වන තරගය
කොළොන්න ජාතික පාසල vs කොළඹ රාජකීය විද්‍යාලය - සම්පත්නුවර පාසල් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව.8.30 පැවැත්විණි.



