- සෑම ශිෂ්‍ය ශිස්‍යාවක් ම පෙ.ව.7.20 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- පාසල පැවැත්වෙන අතරතුර ගුරු භවතෙකුගේ අවසරයකින් තොරව පංති කාමරයෙන් පිටතට පැමිණීම නොකළ යුතු අතර එසේ පිටතට පැමිණීමේ දී බහැරවීමේ අවසර පත තමා ළග තිබීම අනිවාර්ය වේ.
- පෙ.ව.7.25 ට පාසල ආරම්භ කිරීමේ පළමු සීනුව නාද කිරීමෙන් පසු ආගමික වතාවත් ඉටුකිරීම සදහාඅ සූදානම් විය යුතුය.උදය රැස්වීමට සංවරශීලීව සහහාගී වීමත් පාසල අවසානවීමේදී සන්සුන්ව දවසේ කටයුතු අවසන් කර ගුරු භවතුන්ට ආචාර කරන පිලිවෙලත් අනුගමනය කීරීමත් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේ ම වගකීම වේ.
- පෙ.ව.8.00 න් පසුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට ඇතුලත් කරගනු නොලැබේ.
- පාසලට ඇතුළුවීම් සදහා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ඒම අනිවාර්‍ය වේ.
- පාසලට අදාළ නොවන භාණ්ඩ ගෙන ඒමෙන් වළකිය යුතුයි. (උදා: මුදල්, මාල, ජංගම දූරකථන,CD, VCD ආදිය)
- පාසලෙ විනය නීති මාලාවට එකගව කොණ්ඩය , අදුම් පැළදුම්, සාත්තු, පොත් බෑගය ආදිය සකසා ගත යුතුය.
- අදාළ අය මල් පූජාව සදහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනවිත් පූජා කටයුතුවලට සහභාගී විය යුතුය.
- ශරීර සුවතා සදහා සීනුව නාද කළ වහාම ඉක්මණින් පේළියට ක්‍රීඩා භූමිය වෙත වාර්තා කළ යුතුයි.
- පංතියට පැමිණෙන ගුරු භවතුන්ට ගරු කළ යුතුයි
- දෙදෙනෙකු අතර හෝ දෙපිරිසක් අතර ගටුම් ඇති විය හැකි ආකාරය කතා බහක ක්‍රියාවන්හි නොයෙදිය යුතුයි.
- ඔබට තවත් කෙනෙකු හා පිරිසක් සමග ගැටලුවක් ඇති වූ විට සුහදව එය විසදා ගත යුතු අතර එසේ කළ නොහැකිබව වැටහේ නම් ගුරු භවතෙකුගේ සහාය ලබාගත යුතුය.
- කේන්තියෙන් සිටින අයෙකු සමග විවාද කරනවාට වඩා නිශ්ශබ්දව සිටීමට උත්සාහ කළ යුතුය.
- පාසලේදී ගටුම් ඇති වන බව දැනගත් වහාම සහ පාසලට අවැඩක් වන බව දනගත් වහාම විදූහල්පති තුමන් හෝ අදාළ ගුරු භවතුන් දැනුවත් කළ යුතුයි.
- පාසලට ගෙවිය යුතු විභාග ගාස්තු, පහසුකම් ගාස්තු ආදිය නිසි කලට වේලාවට ගෙවා බිල්පත් ලබාගත යුතුයි.
පාසලේ සම්පත් ආරක්ෂා කළ යුතුය. - නිවසේදී සකස් කල ආහාර සහ වතුර බෝතායක් රැගෙන ආ යුතු මෙන්ම පොලිතින් රගෙන ඒමෙන් වලකිය යුතුය.
- විද්‍යාලයේ ඇති ශිෂ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කළ යුතුය.
- කලින් කලට ඇතුලත් කරන නීති රීති හා නියමයන්ට අනුකූල විය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි